Astrophotography (තාරකා ඡායාරූපකරණය)

Astrophotography (තාරකා ඡායාරූපකරණය)

Astrophotography එහෙමත් නැත්නම් තාරකා ඡායාරූපකරණය කියන්නේ ගොඩක් අය ආස කරන අළුත් මාතෘකාවක්. මේ ආරම්භ වන ලිපි මාලාවේදී තාරකා ඡායාරූපකරණය කියන්නේ කුමක්ද , එහි ඉතිහාසය , නිවැරැදිව ඡායාරූපයක් ගන්නේ කොහොමද , ලබා ගත් ඡායාරූපයක පසු සැකසුම් කරන්නේ කොහොමද කියලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

Astrophotography කියලා කියන්නේ අහසේ තියන තාරකා ග්‍රහලෝක වැනි ආකාශ වස්තූන් හෝ රාත්‍රී අහසේ දර්ශන ඡායාරූපයට නැඟීමයි. තාක්ෂණයේ ඇති වී ඇති දියුණුවත් සමඟ දැන් අපිට අපේ අතේ තියන ස්මාර්ට් ජංගම දුරකතනයෙන් වුවත් හොඳ ඡායාරූපයක් ලබාගන්න පුළුවන්.

නමුත් අතීතයේදී එය ඒ තරම් පහසු කටයුත්තක් වුනේ නැහැ . පළමු රාත්‍රී අහසේ ගත් ඡායාරූපය චන්ද්‍රයාගේ ඡායාරූපයක් බවත් එය දහනවවන සියවසහේ මුල්භාගයේ දී ගනු ලැබූ එකක් බවත් සඳහන්.

ප්‍රධාන වශයෙන් astrophotography කිරීමට හැකි ක්‍රම දෙකක් ගැන අපි මෙහිදී සලකා බලමු.
1. කැමරාවක් පමණක් ආධාරයෙන් ක්ෂීරපථයේ හෝ තාරකා වල ගමන් මාර්ගය සටහන් වන ලෙස ඡායාරූප ගැනිම (Wide Field Astrophotography)
2.කැමරාවක් හෝ දුරේක්ෂයක් භාවිතා කර තාරකා හෝ ආකාශ වස්තූන්ගේ සමීප ඡායාරූප ලබා ගැනීම (Deep Space Astrophotography)
තමන් සතුව ඇති හෝ තමන්ට ලබා ගත හැකි සම්පත් උපයෝගී කර ගනිමින් ඉහත ක්‍රම දෙකෙන්ම හෝ ඉහත කැමති ක්‍රමයකට ඔබට ඡායාරූප ගැනීමට පුළුවන්.

➢ Wide Field Astrophotography
මෙහි දී සිදු කරන්නේ රාත්‍රී අහසේ ක්ෂීරපථයේ දර්ශන හෝ තරු රටාවන්හේ දර්ශන ඡායාරූපයට නැගීමයි. මේ සඳහා ඕනෑම මාදිලියක ශ්‍රමායික අංකිත කැමරාවක් (Digital Camera with Manual mode) භාවිත කළ හැකි අතර ඡායාරූප ගැනීමද පහසුය .

ක්ෂීරපථය යනු අපගේ සෞරග්‍රහ මණ්ඩලය අඩංගු මන්දාකිණීය වන අතර රාත්‍රී කාලයේදී ආලෝක දූෂණයෙන් තොර වට පිටාවක අපට මෙය පියවි ඇසින් වූව ද නිරීක්ෂණය කළ හැකිය. ක්ෂීරපථය අපට හොඳින් නිරීක්ෂණය කළ හැක්කේ වසරේ අර්ධ කාලයක පමණි.(ජුනි සිට නොවැම්බර් දක්වා මාස වලදී)

ඔබ සතුව ස්මාර්ට් ජංගම දුරකතනයක් ඇත්නම් ක්ෂීරපථය හෝ වෙනත් තරු රටා අපට පහසුවෙන්ම සොයාගැනීමට භාවිතා කළ හැකි Apps තිබේ.

• Stellarium Android App



Sky View Lite Ios App



➢ Deep Space Astrophotography
මෙහිදී සිදු කරන්නේ දුරේක්ශයක් භාවිත කර කැමරාව දුහර්ක්ෂයට සවිකර ගැඹුරු අහසේ ඇති ආකාශ වස්තූන්ගේ හෝ දර්ශන වල ඡායාරූප ලබා ගැනීමයි.

මෙය තරමක වැඩි තාක්ෂණික දැනුමක් හා අවබෝධයක් සහිතව සිදු කළ යුුතු අතර තාක්ෂණික වශයෙන් හොඳ ඡායාරූපයක් ලබා ගැනීමට නම් නම් මිලෙන් අධික, තත්වයෙන් උසස් උපකරණ භාවිතා කළ යුුතුය

මීලඟ ලිපියෙන් ඡායාරූපකරණය සඳහා නිවැරදිව කැමරාවක් තෝරා ගන්නේ කෙසේද හා නිවැරදිව ඡායාරූප ලබාගන්නේ කෙසේදැයි කතා කරමු

~ තාරුක සිරිවර්ධන ~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *