History of Cosmology (විශ්ව න්‍යාය විද්‍යාවේ ඉතිහාසය)

History of Cosmology (විශ්ව න්‍යාය විද්‍යාවේ ඉතිහාසය)

විශ්ව න්‍යාය විද්‍යාව යනු මහා පිපිරුමේ සිට අද දක්වා සහ අනාගතයට විශ්වයේ ආරම්භය හා පරිණාමය සම්බන්ධ වන තාරකා විද්‍යාවේ ශාඛාවකි. නාසා ආයතනයට අනුව , විශ්ව න්‍යාය විද්‍යාවේ අර්ථ දැක්වීම “සමස්ථයක් ලෙස විශ්වයේ මහා පරිමාණ ගුණාංග පිළිබඳ අධ්‍යයනයකි”.

තාරකා විද්‍යාවේ මුල් ඉතිහාසය තුල පෘථිවිය සෑම දෙයකම කේන්ද්‍රස්ථනය ලෙස සලකනු ලෑබූ අතර ග්‍රහලෝක හා තාරකා එය වටා කක්ෂගත විය. 16 වන ශතවර්ශයේදී පෝලන්ත විද්‍යාඥ නිකොලොස් කොපර්නිකස් යෝජනා කළේ පෘථිවිය සහ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක ඇත්ත වශයෙන්ම සූර්‍යයා වටා කක්ෂගත වන අතර එය විශ්වය පිළිබඳ අවබෝධයේ ප්‍රබල වෙනසක් ඇති කරන බවයි. 17 වන ශතවර්ශයේ අගභාගයේදී අයිසැක් නිව්ටන් ගණනය කලේ ග්‍රහලෝක අතර බලවේග (වීශේශයෙන් ගුරුත්වාකර්ශණ බලයන්) අන්තර්ක්‍රියා කරන ආකාරයයි.

විසිවන සියවස උදාවනවිට , විශාල විශ්වය අවබෝධ කර ගැනීම පිළීබදව වැඩිපුර අවබෝධ්‍යක් ගෙන එන ලදි. ඇල්බට් අයින්ස්ටයින් සිය සාමාන්‍යය සාපේක්ශතාවාදයේ අවකාශය හා කාලය ඒකාබද්ධ කිරීම යෝජනා කළේය. 1990 ගණන් වල මුල් භාගයේදී විද්‍යාඥයින් විවාද කරමින් සිටියේ ක්ෂීරපථය, මුළු විශ්වයහිම කාල පරාසය තුල අඩංගුද, නැතිනම් එය හුදෙක් තාරකා එකතුවෙන් එකක්ද යන්නයි.

එඩ්වින් හබල් අහසේ නොපැහැදිලි නිශ්ශබ්ද වස්‍තුවකට ඇති දුර ගණනය කර එය ක්ෂීරපථයෙන් පිටත පිහිටා ඇති බව තීරණය කරමින් අපගේ මන්දාකිණිය දැවැන්ත විශ්වයේ කුඩා බිඳුවක් බව ඔඅප්පු කළේය. රාමුව සැකසීම සඳහා සාමාන්‍යය සාපේක්ශතාවාදය උපයෝගී කරගනිමින් හබල් වෙනත් මන්දාකිණි මනින අතර ඒවා අපෙන් ඉවතට වේගයෙන් ගමන් කරන බව තීරණය කළ අතර විශ්වය ස්ථිතික නොව ප්‍රසාරණය වන බව නිගමනය කිරීමට ඔඅහුට මඟ පෑදීය.

මෑත දශකවලදී විශ්ව විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග්ස් තීරණය කළේ විශ්වය අනන්ත නොවන නමුත් නිශ්චිත ප්‍රමාණයක් ඇති බවයි. කෙසේ වෙතත් , එයට නිශ්චිත සීමාවක් නොමැත. මෙය පෘථිවියට සමානය; පෘථිවිය සීමිත වුවද එය වටා ගමන් කරන අයෙකුට කිසිවිටෙක “අවසානය” සොයාගත නොහැකි අතර ඒ වෙනුවට නිරන්තරයෙන් ලෝකය වටා ගමන් කරයි. විශ්වය සදහටම නොපවතින අතර අවසානයේ එය අවසන් වනු ඇතැයි හෝකින් යෝජනා කළේය.

-රුවන්තිකා ලක්මිණි-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *