-
By:
- Faseweb
- No comment
- Tags: fase, Mercury
බුධ මත අයිස් සෑදෙයි?
ඔබ ඉන්න තැන මේ වෙලාවේ උෂ්ණත්වය කීයක් විතර ඇතිද? ශ්‍රී ලංකාවේ ඉන්න කෙනෙක් නම් මේ කාලේ15°C සිට 38°C දක්වා අගයක් වෙන්න ඇති. පොඩ්ඩක් එළියට ගිහින් බලන්න අයිස් තියෙනවද කියලා. නෑ නේද? එහෙම වෙන්නේ ඇයි කියලා මම ඇහුවොත් ඔබ කියාවී ඔබ ජීවත් වන ප්‍රදේශයේ උශ්ණත්වය අයිස් සෑදෙන උපරිම උශ්ණත්වයට වඩා වැඩි නිසා කියලා. ඕව් ඔබ නිවැරදියි, නමුත් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්‍යයාට ආසන්නම , උශ්ණත්වය වැඩිම ග්‍රහලෝකය වන බුධ ග්‍රහලෝකයේ අයිස් තියෙනවා කිව්වොත් ඔබ එය විශ්වාස කරනවාද? මේ ඒ පිළිබඳව කෙරෙන විද්‍යාත්මක හෙලිදරව්වක්.

Mercury කියන රෝමානු දේවතාවිය නිසා තමයි බුධ ග්‍රහලෝකය මුලින්ම Mercury කියලා හඳුන්වා තියෙන්නේ. ඒ වගේමයි කලින් කිව්වා වගේම බුධ තමයි සෞරග්‍රහ මණ්ඩලයේ ඇතුලතින්ම, ඒ කියන්නේ සූර්‍ය්යාට වඩාත්ම ආසන්නයෙන් තියන ග්‍රහලෝකය. සූර්‍යයාගේ ඉදන් බුධ ග්‍රහයාට තියෙන්නේ කිලෝමීටර මිලියන 58ක් වගේ පොඩි දුරක්. සාමාන්‍යයෙන් ගත්තොත් මේක ලොකු දුරක් වගේ පෙනුනට තාරකා විද්‍යාත්මක කටයුතු වලදී මේක සැලකෙන්නේ පොඩි දුරක් හැටියට. මේක ඇත්තටම ආලෝක වර්ෂ 0.0000073725 ක් වගේ පොඩි දුරක්. පෘථිවිය සඳහා මේ අගය ආලෝක වර්ෂ 0.000015771 ක් පමණ වෙනවා. මෙම ග්‍රහලෝකය සූර්‍යයාට කොතරම් ලඟින් පිහිටනවද කියලා කිව්වොත් බුධ ග්‍රහලෝකයට සූර්‍යයා වටා සම්පූර්ණ් භ්‍රමණයක් සඳහා ගත වෙන්නේ දින 88ක් වගේ කෙටි කාලයක්. එසේනම් සූර්‍යයාට මෙතරම් ලඟින් ඉන්න බුධ මත අයිස් සෑදෙන්නේ කෙසේද?

බුධ ග්‍රහයාගේ සාමාන්‍යය උශ්ණත්වය 400°C ක්, ඒ කියන්නේ 750°F ක් විතර වෙනවා. නමුත් බුධ ග්‍රහයාගේ ධ්‍රැවීය ප්‍රදේශ වල පවතින ආවාට වල අභ්‍යන්තරයේ උශ්ණත්වය -200°C ක් විතර වන අතර අභ්‍යන්තරයට හිරුඑළිය නොවැටෙන මේ තුල අයිස් නිපදවීමට හිතකර පරිසරයක් නිර්මාණය කරන බව ජෝර්ජියා තාක්ෂණ ආයතනය (Georgia Institute of Technology) කරන ලද පරීක්ෂණ වලදී හෙලි වී තියෙනවා.
මේ වනවිට ආරෝපිත අංශු, solar winds වගේ දේවල් උපයෝගී කරගෙන බුධ ග්‍රහයා මත අයිස් සෑදීම ප්‍රායෝගිකව විය හැකි බව ඔප්පු වෙන විදියේ ආකෘති නිර්මාණය කරලා තියෙනවා. බුධ ග්‍රහයා මත තිබෙන ඛණිජ වල OH කාණ්ඩ අන්තර්ගත වෙනවා. බුධ මත තිබෙන දැඩි උණුසුම හමුවේ මෙම OH කාණ්ඩ එකිනෙක සමඟ ඝට්ටනය වෙලා ජල අණු සහ හයිඩ්‍රජන් නිපදවනවා. මෙම ජල අණු කලින් කිව්ව ද්‍රැවීය ආවාට අසල රැස් වෙනවා.

අපි දන්නවා තාපය සංක්‍රාමණය වන ක්‍රම 3ක් තියෙනවා
- සන්නයනය
- සංවහනය
- විකිරණය
සන්නයනය සහ සංවහනය මගින් තාපය සංක්‍රාමණය වෙන්න මාධ්‍යක් අවශ්‍යයි. නමුත් බුධ ග්‍රහලෝකයට වායුගෝලයක් නැති නිසා පළමු ක්‍රම 2න් තාපය සංක්‍රාමණය වෙන්නේ නෑ. විකිරණය මගින් එන තාපයත් ආවාට වටා එක්රැස් වූ ජල අණු මගින් වලක්වනවා. මෙවන් තත්ව යටතේ බුධ මත ග්ලැසියර් ආකාරයේ අයිස් නිපදවීම ප්‍රායෝගිකව සිදු වෙන්න පුළුවන් දෙයක් බව පැහැදිලි කෙරෙනවා.
මීට අමතරව අභ්‍යාවකාශ යානා මගින් ලැබෙන දත්ත වලින් බුධ මත අයිස් ඇති බව තහවුරු වෙලා තියෙනවා.
2011 දී නාසා ආයතනය මගින් බුධ වටා කක්ෂ ගත කරන ලද Space Probe යානයක් ( පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහලෝකයක් වටා කක්ෂගත වන නියමුවන් රහිත අභ්‍යවකාශ යානයක් ) මඟින් බුධ ග්‍රහයාගේ ධ්‍රැව ආසන්නයේ අයිස් සෑදී ඇති බව තහවුරු කරලා තියෙනවා. එමගින්, පෘථිවිය මත ඇති රේඩාර් උපකරණ වලට මේ පිළිබඳව ලැබුණු දත්ත තහවුරු වන ආකාරයේ ඡායාරූප ලැබී තියෙනවා.

මේ වගේ විශ්මයජනක සංසිද්ධි කොපමණ ප්‍රමාණයක් මේ විශ්වයේ තියෙනවා ඇතිද? තවත් මෙවැනිම ලිපියක් සමඟින් ඔබ හමුවීමට පැමිණෙන තෙක් ආයුබෝවන්.
ස්තූතියි.
~අතුල්‍ය රත්නායක~