Milestones of Astrophysics – තාරකා භෞතික විද්‍යාවේ සන්දිස්ථාන

Milestones of Astrophysics – තාරකා භෞතික විද්‍යාවේ සන්දිස්ථාන

දුරස්ථ වස්තූන් සමඟ අප අන්තර්ක්‍රියා කරන එකම ක්‍රමය වන්නේ ඒවා විමෝචනය කරන විකිරණ නිරීක්ෂණය කිරීමයි. එමනිසා තාරකා භෞතික විද්‍යාවට බොහෝ දේ කළ යුතුව ඇත්තේ මෙම විකිරණය නිපදවන යාන්ත්‍රණයන් පැහැදිලි කරන න්‍යායන් ඉදිරිපත් කිරීම හා එයින් වැඩි තොරතුරු ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳ අදහස් සැපයීම මගින්ය. තාරකා වල ස්වභාවය පිළීබඳව පළමු අදහස් 19වන සියවසේ මැද භාගයේදී වර්ණාවලි විශ්ලේශණයේ මූලික විද්‍යාවෙන් මතුවිය. එයින් අදහස් කරන්නේ රත්වූ විට නිශ්චිත ද්‍රව්‍යය අවශෝෂණය කර විමෝචනය කරන ආලෝකයේ නිශ්චිත සංඛ්‍යාත නිරීක්ෂණය කිරීමයි. නව න්‍යායන් මෙහෙයවීම සහ පරික්ෂා කිරීම යන දෙකෙහිම අභ්‍යවකාශ විද්‍යාවන්හි විජයග්‍රහණය සඳහා වර්ණාවලි විශ්ලේෂණය දායක වේ.

තාරකා වලද පෘථිවියේ අඩංගු ද්‍රව්‍යය අඩංගු බවට ඇති මුල්ම වර්ණාවලීක්ෂ මගින් පළමු සාක්ෂිය සපයන ලදි. වර්ණාවලීක්ෂයෙන් හෙළි වූයේ සමහර නිහාරිකා තනිකරම වායුමය වන අතර සමහර ඒවායේ තරු අඩංගු බවයි. මෙය පසුව සමහර නිහාරිකා කිසිසේත්ම නිහාරිකා නොවේ යන අදහස ඉදිරිපත් කිරීමට ඉවහල් විය.

1920 ගණන්වල මුල් භාගයේදී සිසිලියා පේන් විසින් වර්ණාවලීක්ෂය භාවිතාකරමින් තාරකා ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් වලින් සමන්විත බව ( අවම වශයෙන් මහළු විය දක්වා ) සොයා ගන්නා ලදි. තාරකා වල වර්ණාවලිය තාරකා භෞතික විද්‍යාඥයින්ට පෘථිවිය දෙසට හෝ ඉවතට ගමන් කරන වේගය තීරණය කිරීමටද ඉඩ ලබා දුන්නේය. වාහනයක් නිකුත් කරන ශබ්දය අප දෙසට ඒම හෝ අපෙන් ඉවත්වීම මත වෙනස් වනවා සේම, ඩොප්ලර් මාරුව නිසා තාරකාවල වර්ණාවලිය එකම ආකාරයකින් වෙනස් වේ. 1930 ගණන් වලදී ඩොප්ලර් මාරුව සහ අයින්ස්ටයින්ගේ සාමාන්‍යය සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය ඒකාබද්ධ කිරීමෙන් එඩ්වින් හබල් විශ්වය ප්‍රසාරණය වන බවට ස්ථිර සාක්ෂි සපයයි. මෙය අයින්ස්ටයින්ගේ න්‍යායෙන් ද පුරෝකථනය කර ඇති අතර මහා පිපුරුම් න්‍යායහි පදනමද වේ.

19 වන ශතවර්ෂයේ මැද හාගයේදී භෞතික විද්‍යාඥයින් වන කෙල්වින් (විලියම් තොම්සන්) සහ ගුස්ටාව් වොන් හෙල්ම්හෝල්ට්ස් අනුමාන කළේ ගුරුත්වාකර්ෂණ බිඳ වැටීම් මගින් සූර්‍යයාට බලය සපයිය හැකි බවයි. නමුත් අවසානයේදී මේ ආකරයෙන් නිඅපදවෙන ශක්තිය වසර 100,000 ක් පමණ පවතින බව වටහා ගත් අතර අවුරුදු 50කට පසුව, අයින්ස්ටයින්ගේ සුප්‍රසිද්ධ E=mc2 සමීකරණය තාරකා භෞතික විද්‍යාඥයින්ට සැබෑ ශක්ති ප්‍රභවය කුමක් විය හැකිද යන්න පිළිබඳ පළමු ඉඟිය ලබා දුන්නේය.

න්‍යෂ්ටික භෞතික විද්‍යාව, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සහ අංශු භෞතික විද්‍යාව 20වන සියවසේ මුල් භාගයේදී වර්ධනය වෙත්ම න්‍යෂ්ටික විලයනයට තාරකා බල ගැන්විය හැකි ආකාරය, ජීවත්වන හා මිය යන ආකාරය විස්තර කරන අතර නිරීක්ෂණය කරන ලද තාරකා වර්ග, ඒවායේ වර්ණාවලිය, දීප්‍තිය, වයස සහ වෙනත් අංගයන් සාර්ථකව පැහැදිලි කරයි.

තාරකා භෞතික විද්‍යාව යනු විශ්වයේ ඇති තාරකා සහ අනෙකුත් වස්තූන්ගේ භෞතික විද්‍යාව වන නමුත් එය අපටද සමීප වේ. මහා පිපුරුම් න්‍යායට අනුව, පළමු තාරකා මුළුමනින්ම පාහේ හයිඩ්‍රජන් විය. න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය මගින් ඔවුන්ව ශක්තිමත් කරන හීලියම්, හයිඩ්‍රජන් පරමාණු එකට එකතු වී බරින් වැඩි මූලද්‍රව්‍යයක් සාදයි. 1957 දී ජෙෆ්රි සහ මාග්‍රට් බර්බිජ්ගේ (Husband and wife) තාරකා විද්‍යා කණ්ඩායම සහ භෞතික විද්‍යාඥයින් වන විලියම් ඇල්ෆ්‍රඩ් ෆෝලර් සහ ෆ්‍රෙඩ් හොයිල්, ටරු වයස්ගතවනවිට බරින් යුත් මූලද්‍රව්‍යය නිපදවන ආකාරය පෙන්වා දුන් අතර, ඒවා පසු පරම්පරාවේ තාරකා වෙත ගමන් කරයි. වෙන කවරදාටත් වඩා විශාල ප්‍රමාණ වලින් යකඩ (32.1%), ඔක්සිජන් (30.1%), සිලිකන් (15.1%) වැනි පෘථිවියේ සෑදෙන මූලද්‍රව්‍යය නිපදවන්නේ වඩාත් මෑත තාරකාවන්ගේ අවසාන අවධියේදී පමණි. මෙවැනි තවත් මූලද්‍රව්‍යයක් වන්නේ කාබන් වන අතර එය අප ඇතුළු සියලු ජීවීන්ගේ ස්කන්ධයෙන් වඩි ප්‍රමාණයක් ඔක්සිජන් සමඟ එක් කරයි. මේ අනුව, තාරකා භෞතික විද්‍යාව අපට පවසන්නේ, අප සියල්ලන්ම තාරකා නොවූවත්, අප සියල්ලන්ම තරුවකින් සෑදුනු බවයි.

Ref : https://www.space.com/26218-astrophysics.html

Edited by : Thimira Hirushan

1 Comment found

Leave a Reply to Jithmini Fernando Cancel reply

Your email address will not be published. Required fields are marked *