රක්ත විස්තාපනය – Red Shift

රක්ත විස්තාපනය – Red Shift

19 වන සියවසේදී විද්‍යා ක්ෂේත්‍රයේ ඇතිවූ පිබිදීම සමඟ දියුණු වූ එක් ක්ෂේත්‍රයක් ලෙස තරංග යාන්ත්‍ර විද්‍යාව හැදින්විය හැක. එලෙස භෞතික විද්‍යාවට එක් වූ ප්‍රධාන සංකල්පයක් ලෙස ඩොප්ලර් ආචරණය හැඳින්විය හැක. (Christian Doppler,1842)
ඩොප්ලර් ආචරණ යන්න සරලම ආකාරයෙන් කිව්වොත් වස්තුවක සාපේක්ෂ චලිතය නිසා එමඟින් නිකුත් කරන තරංග ආයාමය වෙනස් වීම ලෙස දැක්විය හැකිය. තාරකා විද්‍යාවේදී මෙම ඩොප්ලර් ආචරණය ඉතාමත් වැදගත් න්‍යායක් වශයෙන් යොදා ගැනේ.

අප හොදින් දන්නා පරිදි මහා පිපුරුම් වාදයට අනුව බාහිර තාරකා අපෙන් ඈත් වෙමින් පවතී. වෙනත් අයුරකින් කියනවා නම් අප සමඟ සාපේක්ශ චලිත්‍යක යෙදී සිටී. මෙම සාපේක්ෂ චලිතය නිසා අපෙන් ඉවතට යන මේ තාරකා මඟින් පිට කරන ආලෝක තරංග වල තරංග ආයාමය ඇදීමට ලක්වේ. මෙනිසා ආලෝක තරංග වල ත්‍රංග ආයාමය ආලෝක වර්ණාවලියේ රක්ත වර්ණය දෙසට නැඹුරු වේ. මෙම සංසිද්ධිය තාරකා විද්‍යාවේදී රක්ත විස්තාපනය වශයෙන් හදුන්වයි.
රක්ත විස්තාපනය ලෙස ගණනය කිරීම් වලදී යොදාගන්නේ තරංග ආයාමයේ සිදු වී ඇති භාගික වෙනසයි. මෙය සමීකරණයක් වශයෙන් පහත පරිදි දැක්විය හැකිය.

රක්ත විස්තාපනය සැලකීමේදී මෙය ප්‍රධාන කාණඩ තුනක් යටතේ සැලකිය හැකිය
1. සාමාන්‍යය රක්ත විස්තාපනය
2. සාපේක්ෂීය රක්ත විස්තාපනය
3. ගුරුත්වාකර්ෂණ රක්ත විස්තාපනය

සාමාන්‍යය රක්ත විස්තාපනය

මෙහිදී ආලෝකයේ ප්‍රවේගයට සාපේක්ශව කුඩා නොසැලකිය හැකි ප්‍රවේග වලින් අපෙන් ඉවතට ගමන් ගන්නා ඒවාගේ චලිතය නිසා සිදුවන රක්ත විස්තාපනය සැලකේ.


සාපේක්ෂීය රක්ත විස්තාපනය

මෙහිදී ආලෝකයේ ප්‍රවේගයට වඩා අඩු නමුත් ආසන්නව සමාන වේග වලින් අරීයව ඉවතට ගමන් ගන්නා ක්වාසර් වැනි වස්තූන්ගේ රක්ත විස්තාපනය සැලකීමේදී සාපේක්ෂීය රක්ත විස්තාපනය යොදාගනී.

ගුරුත්වාකර්ෂණ රක්ත විස්තාපනය

අයින්ටයින් විසින් කාල අවකාශ චක්‍රය තුල ගුරුත්වාකර්ෂණයට ලබා දුන් අර්ථ කථනයට අනුව ගුරුත්වාකර්ෂණය යනු කාල අවකාෂ වක්‍රයේ සිදුවන නැවීමකි. මෙම නැවීම නිසා විශාල වස්තූන් ලගින් ආලෝකය ගමන් කිරීමේදී ආලෝක තරංගද නැවීමකට ලක්වේ. මෙම සිදුවන සංසිද්ධිය නිසා ආලෝක තරංගයහි තරංග ආයාමයේ වෙනසක් සිදුවේ. මෙය ගුරුත්වාකර්ෂණ රක්ත විස්තාපනය ලෙස හඳුන්වයි.

~Thishanka Alahakoon~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *