ගැමා කිරණ පිපිරීම් – Gamma Ray Explosions

ගැමා කිරණ පිපිරීම් – Gamma Ray Explosions

ආලෝක වර්ෂ මිලියන සියයක් ඇතුලත සෑම තාරකාවකින්ම ශක්තිය රැස් කර ගත හැකියැයි සිතන්න. මන්දාකිණි දහස් ගණනකින්, සෑම එකක්ම තරු බිලියන ගණනක් ඇත. ඔබට මේ ආකාරයේ බලයක් ගත හැකි යැයි සිතන්න, එය විශ්වයේ විශාලතම සුපිරි ආයුධය වනවා නොඅනුමානයි. ඔබට එමගින් කළ හැකි හානිය ගැන සිතා බලන්න. එය ඔබට සිතාගැනීමට අවශ්‍යය නැත. නමුත් මෙවැනි ආයුධ පවතින අතර ඒවා ගැමා කිරණ පිපිරීම් ලෙස හැඳින්වේ. නමුත් මෙම කොස්මික් ස්නයිපවරු කවුරුන්ද ? යමෙකු පෘථිවියට මෙමඟින් වෙඩි තැබුවහොත් කුමක් සිදුවේද ? ගැමා කිරණ පිපිරීම් තේරුම් ගැනීමට නම්, අප මුලින්ම ගැමා කිරණ තේරුම් ගත යුතුය.

ගැමා කිරණ යනු විද්‍යුත් චුම්භක තරංග විශේෂයකි. ඒවා දෘශ්‍ය ආලෝකය මෙන් ශක්තිය ගෙන යන චුම්භක තරංග වේ. දෘශ්‍ය ආලෝකය යනු විද්‍යුත් චුම්භක වර්ණාවලියේ ඉතා කුඩා කොටසකි, එය ඔබේ ඇස්වලට දැකිය හැකි කොටසයි. ඊට අඩු ශක්තීන්හිදී රේඩියෝ තරංග , මයික්‍රොවේව් සහ අධෝරක්ත කිරණ ඇත. තවද ඉහල ශක්තියකින් පාරජම්බුල, එක්ස් කිරණ හා ගැමා කිරණ පවතී. ගැමා කිරණ ඇදහිය නොහකි තරම් බලවත්ය. තනි ගැමා කිරණ ෆෝටෝනයක් දෘශ්‍ය ෆෝටෝන මිලියනයකටත් වඩා ශක්තිජනක වේ. ඒවායේ ඉහළ ශක්තිය, ගැමා කිරණ අයණීකාරක විකිරණ විශේෂයක් බවට පත් කරයි, එයින් අදහස් වන්නේ ඒවාහි පරමාණුක බන්ධන බිඳ දමීමට හකි තරම් ශක්තියක් ගැබ්ව ඇති බවයි. මෙය ඔබටත් මටත් අනතුරුදායක වේ. මෙම අයණීකරණ විකිරණ මඟින් අපව පන පිටින් තබාගන්නා සියුම් ජෛව රසායනික යන්ත්‍රෝපකරණයට (DNA) බාධා ඇති කරයි. වාසනාවකට මෙන්, පෘථිවියේ ඕසෝන් ස්ථරය ගැමා කිරණ අවහිර කරයි, එබැවින් ඒවා අපිට හානි කිරීමට පෙර නතර වීම සිදුවේ. නමුත් වායුගෝලය ගැමා කිරණ අභ්‍යවකාශයෙන් පැමිණීම අවහිර කරන්නේ නම් අභ්‍යවකාශයේ සිට ගැමා කිරණ පුපුරායාම් මෙතෙක් සොයාගත්තේ කෙසේද? සීතල යුද්ධය අතරතුර , ඇමරිකා එක්සත් ජනපදය මගින් සෝවියට් දේශය අභ්‍යවකාශයේ සිදු කරන න්‍යෂ්ඨික පරීක්ශන ගැමා කිරණ මගින් හදුනාගත හැකි ඔත්තු චන්ද්‍රිකා යවා ඇත. මෙමගින් ඔවුන් කිසිදු බෝම්බයක් දුටුවේ නැත, ඔවුන් දුටුවේ අභ්‍යවකාශයේ සිට පැමිණෙන දුර්වල පිපිරීම් පමණි. ඔවුන් මෙම පිපිරීම් නිරීක්ශණය කළේද තත්පර කීපයක් පමණි. කෙසේ හෝ අප දන්නා තරමින් අද වන විටදී, ඔත්තු චන්ද්‍රිකා මඟින් කරන ලද එකම විද්‍යාත්මක සොයාගැනීම මෙය විය හැකිය.

තාරකා විද්‍යාඥයින් දුරේක්ෂ භාවිතා කරමින් ඔවුන්ගේ සොයාගැනීම් සිදුකිරීම සඳහා විවිධ ආකාරයේ ආලෝකයන් දකී. මෙම ඔත්තු චන්ද්‍රිකා ඔවුන්ට නව ඇස් යුගලක් ලබා දුන්නේය. ඒවා වසර තිහක් තිස්සේ අභිරහසක් වූ නමුත් අවසානයේදී අපි මෙම ගැමා කිරණ පිපිරීම්හි මූලාශ්‍රය සොයා ගත්තෙමු. මෙම ගැමා කිරණ පිපිරීම් ආලෝක වර්ෂ බිලියන හයක් හතක් පමණ දුර තිබෙන මන්දාකිනියකින් පැමිණියද පෘථිවියේ සිට නිරීක්ෂණය කළ හැක. මෙම ගැමා කිරණ පිපිරීමක් එතරම් දුරකින් දැකිය හැකි නම් එය ඇදහිය නොහැකි තරම් ශක්තිජනක විය යුතුය. වසර බිලියන දහයක මුළු ජීවිත කාලය තුල සූර්යයා මුදාහරිනවට වඩා වැඩි ශක්තියක් තත්පරයකින් මුදාහැරීම මෙම ගැමා කිරණ පිපිරීමකදී සිදුවේ. මෙම ගැමා කිරණ පිපිරීමක් ඇතිවීම විශ්වයේ දීප්තිමත්ම දේවල් වලින් එකක්ය. ගැමා කිරණ පිපිරීම් වර්ග 2ක් තිබේ පළමු වැන්නනම් දිගු ගැමා කිරණ පිපිරීම් වන අතර මේවා විනාඩියක පමණ කාලයක් පවතින අතර තාරකා විද්‍යඥයින් සිතන්නේ දවැන්ත තාරකාවක හරය කඩා වැටී කළු කුහරයක් බවට පත්වන විටදී ඇතිවන සුපර්නෝවා අවස්ථාවකදී ඒවා නිපදවන බවයි. ද්වැන්න කෙටි ගැමා කිරණ පිපිරීම් වන අතර ඒවා තත්පරයක් පමණ පවතින අතර නියුට්‍රෝන තාරකා 2ක් අතර ඇතිවන ගැටීමකදී ඒවා නිපදවෙන බව උපකල්පනය කරයි. වසර මිලියන ගණනක් තිස්සේ ගුරුත්වාකර්ෂණ තරංග විමෝචනය කිරීමෙන් ශක්තිය හානි කරගනිමින් ලංවන ඒවා ස්පර්ශ වීමට තරම් සමීප වූ විට එකිනෙක ගැටී කළු කුහරයක් නිර්මාණය වේ. මෙම අවස්ථාවේදී මෙවැනි කෙටි ගැමාකිරණ පිපිරීම් ඇති වේ.

~Tharindra Rajasooriya⁩~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *