Astro Calender

Discover What Is Happening

2020 බ්‍රහස්පති සහ සෙනසුරු මහා ග්‍රහ සංයෝඡනය (Great Conjunction)

‍සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහයන් දෙදෙනෙකු වන බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන් පෘතුවියේ සිට එකම රේඛාවක පිහිටන ඒ විරල අවස්ථාව 2020 දෙසැම්බර් 21 දින ඉර බැස යාමෙන් පසු (සවස 6.45ට පමණ) බටහිර අහසේ දැකගත හැකි බව NASA ආයතනය පවසයි.

2020 දෙසැම්බර් 21 වන දින මෙම ග්‍රහලෝක දෙක අංශක 0.1 ක් පමණ එනම් කලා 6.1ක් තරම් ආසන්නයට පැමින එක් තරුවක් ලෙස දැකගත හැක. මෙය නත්තල් තරුව ( Christmas Star) ලෙස හැදින්වේ. එලෙසම මෙම ග්‍රහලෝක දෙකම තම යෙෳවන අවදිය පසු කරන නිසා මෙය නත්තල් හාදුව (Christmas kiss) ලෙසද සැලකෙයි.

පෘතුවියේ සිටින අපට මෙම ග්‍රහයන් දෙදෙනා මෙතර සමීපව දැකගත හැකි වුවත් සැබැවින්ම මෙම යෝධ ග්‍රහයන් දෙදෙනා ආලෝක වර්ශ ගනනාවක් දුරින් පිහිටයි.

මෙම සංසිද්දිය සෑම වසර 20 කට වරක්ම සිදු වූවද මෙලෙස ඉතා ආසන්නයේ දැකගත හැකි වන්නේ වසර 397කට පසුවයි එනම් 1623 ජුලි 16 ට පසුවයි. එලෙසම මෙවැනි දිනයක් නැවත උදා වන්නේ 2080 වසරේ බව NASA ආයතනය පවසයි. එබැවින් මෙය ජීව්ත කාලයට එක් වරක් පමණක් දැක ගැනීමට ලැබෙන අවස්ථාවක් (Once in a Life Time Chance) ලෙස සැලකේ